ඤාණකතාව- සෝවාන් මාර්ලය සම්බන්ධ කොටස් 40 ක ලිපි මාලාව:-1,2,3,4,6 01. ථෙරවාදය සහ මුල් බුදු සමය:මම ත්‍රිපිටක ධර්මය ප්‍රචාරය කිරීම පටන් අරගත්තෙ කවුරු හරි එහි වටිනාකම වටහ
ඤාණකතාව- සෝවාන් මාර්ලය සම්බන්ධ කොටස් 40 ක ලිපි මාලාව:-1,2,3,4,6
01. ථෙරවාදය සහ මුල් බුදු සමය:
මම ත්‍රිපිටක ධර්මය ප්‍රචාරය කිරීම පටන් අරගත්තෙ කවුරු හරි එහි වටිනාකම වටහා ගනියි කියලා හිතාගෙන.
නමුත් ත්‍රිපිටක ධර්මය ලංකාවේ සම්මත ථෙරවාදී ඉගැන්වීම් වලට වඩා වෙනස්.
ඔය ප්රත්යවෙක්ෂා වීථි, නව මහා විදර්ශනා ඤාණ ආදිය ත්‍රිපිටකයේ නැහැ.
කෙනෙකු රහත් වීම ගැන ත්‍රිපිටකයේ දැක්වෙන විස්තර ථෙරවාදී පොත්වල එන විස්තර වලට වඩා ඉතාමත් වෙනස්.
උදාහරණයක් ලෙස කෙනෙකු සොතාපන්න පලයට නොපැමිණ එකපාරටම රහත් වෙන්න පුළුවන්.
එමෙන්ම රහත් කෙනෙකු ඒ බව නොදැන ඉන්න පුළුවන්. අනංගන සූත්‍රය අනුව කෙලෙස් නැතිව ඒ බව නොදැන ඉන්නත් පුළුවන්. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා බුදු බණෙහි තියෙන්නේ වරින් වර තමන්ගේ දියුණුව පරීක්ෂා කරගත යුතුය කියලා.
ඊට නමක් තියෙනවා. ඒක තමයි විසුද්ධි පරීක්ෂාව.
ත්‍රිපිටක ධර්මය අනුව සොතාපන්න පලය සදහා කරන එක පරීක්ෂාවයි තියෙන්නේ. දෙකක් නැහැ. එය තමයි ධම්මාදාස පරීක්ෂාව. එයින් පරීක්ෂා කරන්නේ සොතාපන්න අංග හතර විතරමයි. ඊට අමතරව ඒ පරීක්ෂණ ක්‍රමය කරන ආකාරය පසුව සැරියුත් තෙරණුවන් විසින් වැඩි දියුණු කරලා තියෙන්නේ.
එය හැර සොතාපන්න පල ප්රත්යවෙක්ෂා ඤාණ මූලූ ත්‍රිපිටකයේ ම නැහැ.
මුලු සූත්‍ර පිටකය ගත්තත් සොතාපන්න පල සමාපත්තිය යන වචනය භාවිතා කෙරෙන්නේ පටිසම්භිදාමග්ග ප්‍රකරණය තුල විතරයි. එහිත් සමාධි කතාවෙ.
එහෙම තියාගෙන සමහර භාවනා ගුරුවරුන් උගන්වන්නේ සොවාන් හැම කෙනෙක්ම පල සමාපත්තියට සමවදිනව කියලා.
නමුත් අභිධර්මයෙහි තියෙනවා කුප්පසත්ත කියලා මාර්පලලාභියෙකු ගැන. කුප්පසත්වයාට සමාපත්ති කිසිවක් නැහැ.
ගොඩක් දෙනෙක් මම හෙලිදරව් කරන නියම බුදු බණ කියවලා ප්‍රකොප වෙනවා.
මොකද එහෙම ප්‍රකොප වෙන්න?
තමන්ගේ මනො නිර්මිත අධිරාජ්‍යය බිද වැටෙන්න ආසන්න නිසා.
මම නිවැරදි බුදුදහම හෙළි කරන්න බය නැහැ.
මම බය එකම තර්ජනයකට විතරයි.
ඒ වශවර්ති මාරයාගෙන් එන ගැහැට.
දැනටමත් වශවර්ති මාරයා ඔට්ටු අල්ලලා තියෙන්නේ මා හට ධර්ම සංඝායනාවකට පිරිස් ලැහැස්ති කරන්න දෙන්නේ නැහැ කියලා.
ගොඩක් අය මට සමච්චල් කරන්නේ පිටසක්වල බුදුවරුන් ගැන කියන එකට.
ඒක මගෙ පාරමිතා බලය නිසා වෙන දෙයක්.
මිනිසුන් ඕනෙනම් මට අපහාස කරාවි. සමච්චල් කරාවි.
කමක් නැහැ.
මගේ ජිවිතයට වඩා මම බුදුදහමට ඇලුම් කරන කෙනෙක්.
එනිසා කැමති කෙනෙක් අපහාස කරන්න.
ආර්යොපවාදයෙහි විපාක තමාම භුක්ති විඳින්න.
2. සෝවාන් වීම පිලිබද ලොකුම රහස:
ඇත්තටම ඒක ලොකුම රහසක්
ථෙරවාදී ක්‍රමයට මාර්ග පල ලබන්න කැමති කෙනා නාම රූප වවත්ථාන ඤාණය සිට ඤාන නවයක් නැත්නම් දහයක් වඩන්නේ ඕන. සමහර පොත්වල ඤාණ 11 ක් ගැන සදහන්.
ථෙරවාදී ක්‍රමයට සොතාපන්න පලය ලබන කවුරුත් ඒ ඤාණ වලට අනුරූපව භාවනා ක්‍රම දීර්ඝ කාලයක් වඩන්නේ ඕන.
ථෙරවාදී ක්‍රමයට උදයව්‍ය ඤාණය කියන්නේ සොවාන් පලයට කිට්ටුවෙන් වත් නොවන ප්‍රාථමික විදර්ශනා ඤාණයක්.
ඔය නවමහා විදර්ශනා ඤාණ හරි ඊට අදාළ භාවනා හරි සූත්‍ර පිටකයෙන් මූලික අභිධර්මයෙහි වත් නෑ. විදර්ශනා ඤාණ ගැන කියවෙන දීප සූත්‍රයේ තියෙන්නේ බුදු බව ලැබෙන විට පහල වන ඤාණයන් ගැන.
සූත්‍ර පිටකයේ සූත්‍ර බර ගණනක් තියෙනවා සොතාපන්න පලය ගැන.
එයින් සුප්රබුද්ධකුට්ටි සූත්‍රයේ විතරයි සොතාපන්න පලයට එන අවසන් අවස්ථාව විස්තර කෙරෙන්නේ.
විනය පිටකයේ මහාවග්ග පාළියේ එක දිගට විස්තර කෙරෙනවා මුල් බුද්ධ ශ්‍රාවකයන් සොතාපන්න පලයට පැමිණීම ගැන.
ඒ හැම තැනම තියෙන්නේ එක දෙයයි.
01. බණ අහද්දි සියල්ල ඇතිව නැතිවන බව වැටහුණා.
02. එයින් සොතාපන්න මාර්ග ඤාණය උපන්නා.
03. සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව නැතිවුණා.
04. සොතාපන්න පලය ලැබුනා කියන කරුණු.
ඒ අනුව කරුණු ගණනාවක් පැහැදිලි යි.
01. සොතාපන්න පලය ලැබෙන්නේ උදයව්‍ය ඤාණයෙන්
02. සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව නසන්නෙ උදයව්‍ය ඤාණය තූළින්
ඤානනවයක කතාව ත්‍රිපිටකයේ නැති නිසා අමතක කළ හැකියි.
03. පටිච්ච සමුප්පාදය:
ඔන්න දැන් අපි බලමු පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා?
පටිච්චසමුප්පාදය ගැන සූත්‍ර බර ගණනක් සූත්‍ර පිටකයේ තියෙනවා. පටිච්චසමුප්පාදයට අදාල සම්බන්ධතා පැහැදිලි කරන්නේ පට්ඨාන ප්‍රකරණය තුලින්.
පටිච්චසමුප්පාදය සම්පූර්ණ ලෙස අවබෝධ වුනොත් සොවාන් වෙනවා. ඒ වගේම සොවාන් හැම කෙනෙක්ම පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන ඉන්නෙ.
පටිච්චසමුප්පාදය වටහා ගත යුත්තේ මහා නිධාන සූත්‍රය අනුව.
අනිත් සූත්‍ර වලින් සහය ලබා ගන්න වෙනවා.
ඒ මෙහෙමයි.
සත්වයා මිය යනවා.එයා ඔපාපාතිකව උපත ලබනවා නම් වහාම ඉවත් උත්පත්ති ස්ථානයට යනවා. එහෙම තමයි ප්‍රෙත වස්තුව හා සභාගත සූත්‍රය අනුව පෙනීයන්නේ. දීග නිකායේ එන අදහසත් එකයි.
ඔන්න එයා මැරිලා මව් කුසකට යනව නම් එහෙම බෑ. එයාට ගන්ධබ්බයකු වෙන්න සිදු වෙනවා.
ඒ ගන්ධබ්බයා මව්කුස කරා ළං වෙනවා. එතකොට මව සෘතුවත් වෙලා නම් හා පියා සමග සම්භොගය පැවතුනා නම් එයාට මව් කුසට යන්න පුලුවන්. එහෙම මව්කුස පිළිසිඳ ගැනීම සිදු වුනා ට පසු කළලය හෙමිහිට වැඩෙනවා. ඉන්ද්රිය වැඩෙනවා. එයා දැන් තෘෂ්ණාව නිසා එතැන අල්ලගෙන ඉන්නෙ.
එයා මව්කුස දාලා ගියොත් ගබ්සා වෙන බවත් සදහන්.
එහෙම ඉදල නියමිත කාලයේදී එයා එලියට එනවා. එයා වැඩිලා ජරාවට මරණයට පත් වෙනවා.
ඒක තමයි අනුලොම පටිච්චසමුප්පාදය.
දැන් ප්‍රතිලොම පටිච්චසමුප්පාදය බලමු.
අවිජ්ජා නැති තැන සංඛාර නැත.
සංඛාර කියන්නේ සකස් වීම්. මොකක්ද ඒ සකස් වීම්.
ගිය භවය අත්හැර දමා ගන්ධබ්බයකු බවට පත්වීම තමයි සකස් වීමෙ මුල. ඒත් විනීත සූත්‍රයෙ කියන පරිදි රහතන් වහන්සේ කය අත්හැර දමන්නේ උපාදානය රහිතව. උපාදානය නැත්නම් භවයක් නෑ. ගන්ධබ්බයකු හැදෙන්නේ නෑ. එතැනින් එහාට හෙතුපල දාමය ඇදී යන්නේ නෑ.
ඔන්න දැන් පටිච්චසමුප්පාදය අනුලොම ප්‍රතිලොම ලෙස අවබෝධ කරලම දුන්නා.
හරි සරලයි.
ථෙරවාදී ක්‍රමයට ගැටලු රහිතව පටිච්චසමුප්පාදය පහදන්න බෑ.
ඒක ඉන්දියාවේ පවා පිළිගත් මතයක්.
විසුද්ධි මාර්ගයෙහි පවා පටිච්චසමුප්පාදය නිරවුල්ව පහදලා නෑ.
ථෙරවාදී ක්‍රමයට පහදන කෙනෙකුගෙන් අහන්න සංඛාර නැතිවුණාම විඤ්ඤාණය නැති වෙන්නේ කොහොමද කියලා. එතැනින් එහාට එයාට අගලක් වත් යන්න බෑ.
ථෙරවාදී පොත්වල සංඛාර යන්න වෙනුවට අභිසංස්කාර කියලා තියෙන්නේ. එය ධම්මසංගනීප්රකරණයෙන් ලබාගත් විස්තරයක අනිසි භාවිතා කිරීමක්.
අභිසංස්කාර කියන්නේ කර්ම වලට.
අපි දැන් බලමු ථෙරවාදී ක්‍රමයට පටිච්චසමුප්පාදය පහදන්න පුලුවන් ද කියලා.
අවිජ්ජා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීම
අවිජ්ජා පච්චය සංඛාරා කියන්නේ එතකොට අවිජ්ජාව නිසා කර්ම රැස් කිරීම
සංඛාර පච්චය විඤ්ඤාණ කියන්නේ මොකක්ද? ථෙරවාදී ක්‍රමයට "කර්මවිඤ්ඤාණ" කියලා අතාත්වික පදයක් එතැනට යොදනවා. එවැන්නක් පෙල තුල සොයන්න බැහැ.
ථෙරවාදී ක්‍රමයට අනුව කර්ම විඤ්ඤාණ කියන්නේ ප්රතිසන්ධි විඤ්ඤාණයට කියලත් මතයක් තියෙනවා. ඒක ඇත්ත නම් කර්ම රැස් කරන වාරයක් පාසා ප්රතිසන්ධි විඤ්ඤාණය හටගන්න ඕන. ඒ කතාව අවුල්.
හොදයි නිකමට හරි කවුරු හරි ථෙරවාදී ආචාර්ය වරයෙකුගෙන් ඇහුවොත් "සංඛාර නිරෝධ. වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙන්නෙ කොහොමද ?" කියලා.
මොනවහරි වැල්වටාරම් දොඩලා නිහඩ වෙන්න වෙනවා.
මහා නිධාන සූත්‍රය අනුව පටිච්චසමුප්පාදය වටහා ගත්තොත් අවුල් ලිහෙයි.
කවුද ඔය ක්‍රමයට පටිච්චසමුප්පාදය පැහැදිලි කිරීම ආරම්භ කලෙ?
මමද?
නෑ.
උපතිස්ස සහ රහතන් වහන්සේ.
අවුරුදු දෛහසකට කලින්.
අවුරුදු දෛහසක් පරණ ඔය විස්තරය සිංහලෙන් මුලින්ම ප්‍රසිද්ධියට පත් කලේ කවුද?
මම.
අවුරුදු ගානකට විතර කලින්.
04. අවුල් කරගත් බුදුදහම
සමහරු ලියන දේවල් බැලුවම පෙනෙන්නෙ ටිකක් දැනගෙන ගොඩක් කතා කරන්න යන ගතියක්. සමහරක් අවස්ථාවල ප්රශ්නය වටහා ගන්න බැරුව මොනව හරි වැල්වටාරම් ලියල එවන්නෙ.
ඤාණ කතාව කියන්නේ බුද්ධිමය සංවාදයක්. ඊට ගැලපෙන විදිහට හිකන මතන අය විතරයි මේ දේ වටහා ගන්නෙ.
පටිච්චසමුප්පාදය තුල තියෙන්නේ ගන්ධබ්බයකු මව් කුසට බැසීමක් ගැන. එය "ඔක්කන්ති" යන නමින් හැඳින්වේ. බසින් ලද ගන්ධබ්බයා මව්කුස අත්හැර දමන අවස්ථාව පවා මහානිදාන සූත්‍රය තුල විස්තර වෙනවා. එයම ප්‍රමාණවත් චිත්ත වීථි ක්‍රමයට අයත් මරණාසන්න වීථි විස්තරය පටිච්චසමුප්පාදයට නොගැලපෙන බව ඔප්පු කරන්න.
පටිච්චසමුප්පාදය පිළිබද ගැටලුව මහායාන සම්ප්‍රදායට වඩා පැරණියි.
සමහර මහාසාංගික භික්ෂූන් වහන්සේලා පටිච්චසමුප්පාදය ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා කට්ටිය අවුල් කරලා දැම්ම නිසාම.
නාගර්ජුන නම් භික්ෂුව පටිච්චසමුප්පාදය ප්‍රතික්ෂේප කරලා මූලමාධ්‍යමික කාරිකා කියන පොත ලිව්වා.
ඒක ලංකාවේ පුස්තකාල වල පවා තියෙන පොතක්.
මාධ්‍යමික දර්ශනය වශයෙන් ප්‍රසිද්ධියට පත්වුයේ මූලමාධ්‍යමික කාරිකාව තුලින් පැමිණි අදහස්.
ඒ විතරක් නෙවෙයි ශුන්‍යතා සංකල්පයට පදනම් වූයේ මූලමාධ්‍යමික කාරිකාවයි. සාපෙක්ෂතා න්‍යාය මුලින්ම ඉදිරිපත් කරෙත් අවුරුදු 2000 ක් විතර පරණ මූලමාධ්‍යමික කාරිකාවෙන්.
මූලමාධ්‍යමික කාරිකාව ලියද්දි මහායාන දර්ශනය ඒ නමින් ප්‍රසිද්ධියට පත් වෙලා තිබුනේ නෑ.
නමුත් හතරවන ධර්ම සංගායනාව නිසා මහායාන සම්ප්‍රදායට නිල පිලිගැනීමක් ලැබුණා. මූලමාධ්‍යමික කාරිකාවට මහායාන සම්ප්‍රදායට අයත් මූල ග්‍රන්ථයක තැන ලැබුණා.
පටිච්චසමුප්පාදය විස්තර කරද්දී බුද්ධගොෂ පඩිතුමා පවා හිර වෙනවා.
ඒ තත්ත්වය ඉන්දියාවේ බුදුදහම අතු ගෑවෙන්නත් එක් හෙතුවක් වුණා.
ශංකර් වැනි කපටි පූජකයන් භික්ෂූන් වහන්සේලා වාදයට කැදෙව්වා. වාදයෙන් පැරදුණොත් හිස ගැසුම් කන්න වුණා. ගොඩක් දෙනෙක් ඇණ ගත්තේ පටිච්චසමුප්පාදය ගැන අහන ගැටලු වලට තර්කානුකූලව උත්තර දෙන්න බැරුව.
මෙයාකාරයෙන් විශාල බෞද්ධ සංහාරයක් ඉන්දියාවේ සිදුවුණා.
පටිච්චසමුප්පාදය නිරවුල්ව විස්තර කළ මුල් ම ලෙඛකයා උපතිස්ස මහරහතන් වහන්සේ.
උන්වහන්සේ ලියපු විමුක්ති මාර්ගය තුලින් පටිච්චසමුප්පාදය විස්තර කරලා දෙනවා.
විමුක්ති මාර්ගය නමින් පොත් දෙකක් තියෙනවා. එකක් ලංකාවේ තිබුණේ. අනෙක චීනයෙන් හමුවුණෙ. චීන විමුක්ති මාර්ගය තුල තැනින් තැන තියෙනවා වසුබන්ධු යන ලෙඛකයාගෙ අදහස්. සාර්වස්තිකවාදී අදහස්. ලංකාවේ විමුක්ති මාර්ගය අභයගිරි සම්ප්‍රදායට අනුකූලව භාවිත කළ එකක් බව විශ්වාස කරන්නේ.
කොහොම උනත් ලංකාවේ ලියැවුණු විසුද්ධි මාර්ගය ,විමුක්ති මාර්ගයට antidote එකක් හැටියට ලියූ බව පෙනෙන්නට තියෙනවා.
විමුක්ති මාර්ගය ලියැවුණු දිනය සහ ස්ථානය මෙතෙක් අනාවරණය වී නැහැ.
6. මාර්ගපල පිරිහී යා හැකිද?
මෙය ඉතා සංවේදී මාතෘකාවකි.
(ඔළුවෙ අමාරු ඇති අය කියවීමෙන් වලකින්න.)
සූත්‍ර පිටකයේ අනංගන සූත්‍රය අනුව අංගන හෙවත් කෙළෙස් රහිතව ඒ බව නොදැන සිටින භික්ෂූන් වහන්සේ කෙනෙකු නැවත අරමුණු සුභ ලෙස ගැනීම නිසා සංසාරගත වෙන්න පුළුවන්. අංගන රහිතව ඒ බව දැනගත්තාම පිරිනිවනට පත්වෙන්නට පුළුවන්.
අංගන කියන්නේ කෙලෙස්වලට.
එහෙම නම් රහතන් වහන්සේ කෙනෙකු අර්හත්පලය තුලින් පිරිහෙන්නේ පුලුවන්ද?
සන්දක සූත්‍රය අනුව රහතන් වහන්සේලා දන්නවා තමන්ගේ තත්වය.
තවත් සූත්‍ර ගනනාවක් පෙන්වා දෙනවා සමථයානික භික්ෂූන් වහන්සේලා අර්හත් ඵලය ලද පසු අර්හත්පලය පිළිබද සංඤාවත් ඒ හා සම්බන්ධ ඤානයත් ලබන බව.
දීග නිකායේ සූත්‍ර ගනනාවක් ද මජ්ඣිම නිකායේ සූත්‍ර ගනනාවක් ද ඒ සම්බන්ධයෙන් තියෙනවා.
මෙතන ප්රශ්නය තියෙන්නේ අනංගන සූත්‍රය ගැන.
මෙහි අංගන යනු ළාමක අකූසල් බව ථෙරවාදී ක්‍රමයට පිළිගන්නා මතයයි. නමුත් එහෙම නම් අංගන රහිතව ඒ බව දත් භික්ෂූන් වහන්සේලා පිරිනිවනට පැමිණෙන බව දේශනා කරන්න විදියක් නෑ.
මෙම කරුණ ගැන මහාසාංගික පරපුරේ නිකාය ගණනක්ම ප්‍රකාශ කළේ අර්හත්පලය සොතාපන්න පලය දක්වා පිරිහෙන්නේ පුලුවන් කියලා.
හෙන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නම් පොතෙහි අනුමාන කරනවා "රහතන් වහන්සේ චර්යාවේ විෂමතා නිසා නොරහත් බවට පත්වීම සිදුවිය හැකි" බවට.
ඤාණසීහ හාමුදුරුවෝ කියලා තියෙන දෙයට සහය දෙන තවත් එක් සූත්‍රයක් දීග නිකායේ තියෙනවා.
ඒ සූත්‍රය අනුව රහත් වෙලත් ඒ බව නොදැන විදසුන් වඩන ලද භික්ෂූන් වහන්සේ කෙනෙකු ගැන විස්තර වෙනවා.
එය පැහැදිලිවම අනංගන සූත්‍රය සමග ගැලපෙනවා.
සන්තති ඇමති බණ අහලා රහත් වුණා. නමුත් එයාට පින් තිබුණේ නැහැ මහණ වෙන්න. රහත් වෙලා ගිහි ගෙයි උපරිම ඉන්න පුළුවන් දවස් හතයි. ඒ නිසා සන්තති ඇමති එදාම පිරිනිවනට පැමිණියා.
එම කතාවත් හරියටම අනංගන සූත්‍රය සමග ගැලපෙනවා.
රහතන් වහන්සේ කෙනෙකු විසින් අනුගමනය කළ යුතු අංග නවයකින් යුතු චර්යාවන් තියෙනවා.
ඒ නිසා "රහතන් වහන්සේ කෙනෙකු වන්නේ කෙනෙකුන් දූරු කිරිමෙන් පමණක් නොව අර්හත් පල ඤාණයද ලැබීමෙන් "බව ස්ථිරවම කියන්න පුළුවන්.
එමෙන්ම රහත් වුණත් ගිහිගෙයි හිටියොත් අරමුණු සුභ ලෙස සැලකීම නිසා දවස් හතකට පසුව රහත් පලවෙනි පිරිහෙන බව අනුමාන කරන්න පුළුවන්.
ඕක ධර්ම විරෝධී ප්‍රකාශයක් නොවේ.
ධර්ම විනය තුල බැස ගන්නා ප්‍රකාශයක්.
ගොඩක් අය මෙම කරුණ එළියට ගෙනාවම මට අපහාස කරන්න පටන් ගත්තා.
එයාලා බාගෙට දැනගෙන වාද කරන්න යන්නෙ.
Working: 8.00am - 5.00pm
Sadhaham Sarana - Copyright . All rights reserved.