by Admin
19 Dec, 2025
Articles
සද්ධර්මයේ අනුකූල නොවන දේ
බුද්ධ ධර්මය අපගේ තනි කැමැත්තට හෝ සාමූහික එකගතාවයන් මත වෙනස් කළ නොහැකිය. එය තනිකරම බුදුන්වහන්සේගේ අධිමානසික බලයෙන් නැවත ගොඩ ගන්නා ලද ඉපැරණි ඉගැන්වීම් සමුදායකි. මෙය පටිච්ච සමුප්පාදය
බුද්ධ ධර්මය අපගේ තනි කැමැත්තට හෝ සාමූහික එකගතාවයන් මත වෙනස් කළ නොහැකිය. එය තනිකරම බුදුන්වහන්සේගේ අධිමානසික බලයෙන් නැවත ගොඩ ගන්නා ලද ඉපැරණි ඉගැන්වීම් සමුදායකි. මෙය පටිච්ච සමුප්පාදය විස්තර කිරීමේදී සදහන් කරන ලද්දකි. යම් ශ්‍රාවක මතයක් වඩා යුක්ති සහගත බව පෙනුනද එය බුද්ධවචනයට පටහැනි නම් ඉවතලිය යුතුය.
අපට ත්‍රිපිටකයේ සහ අට්ඨකථාවන්හි එන සමහර කරුණු මේ හේතුව නිසා ඉවත ලීමට සිදුවේ. ඒ ගැන වාද කිරීම නිෂ්පලය.
උදාහරණයක් ලෙස සෝතාපන්නයකු නොකරන පව් ඇත්තේ නවයක් බව බහුධාතුක සූත්‍රයේ ඇතුලත්ය. සෝතාපන්නයකු අතින් වරදක් සිදුවුවොත් සැගවීමට
අසමර්ථ බව ද ධර්මයේ සදහන්ය. ශරකානි සූත්‍රද ඊට අදාලය.
සෝතාපන්නයන් අතින් කිසිදු පාප කර්මයක් සිදු නොවන බව අටුවාචාරීන් කී පට්ටපල් බොරුවකි. එවැනි පට්ටපල් බොරු රැසක් අටුවාවන්හි දැකගත හැකිය. සෑම සෝතාපන්නයකුම සෘද්ධිලාභියෙකු බව අටුවාව කියයි. විසුද්ධිමාර්ගය අනුව සෑම සෝතාපන්නයෙකුම සෝතාපන්න පල සමාපත්තියෙහි යෙදීමට සමර්ථයෙකි.
ඒ කරුණු දෙකම පට්ටපල් බොරුය. ධර්ම විරෝධීය.
මාර්ගපල හතරම ත්‍රිපිටකය අනුව නිරවුල්ව විස්තර කර දිය හැකිව තිබියදී “ මම තමා පොර” යැයි පෙන්වීමට අටුවාවෙන් කරුණු ගෙනහැර පා ත්‍රිපිටක ධර්මය යටපත් කිරීමට දරන උත්සාහය ප්‍රශංසාවට භාජනය නොකළ යුතුය