by Admin
21 Dec, 2025
Articles
සද්ධර්මය යට කරමින් අධර්මය මතු වීම
බුදු හාමුදුරුවො දවසක් කියනව සද්ධර්මයට වැඩිය ලස්සන ඉගැන්වීම් පෙලක් මතු වෙනව, එදාට තමයි බුදුදහම ඉවර වෙන්නෙ කියල.ඒ වගේම බුදුදහම නැසෙන්නෙ බාහිර බලවේග නිසා නෙවෙයි ඇතුලෙන්ම හට ගන්නා ප්‍ර
බුදු හාමුදුරුවො දවසක් කියනව සද්ධර්මයට වැඩිය ලස්සන ඉගැන්වීම් පෙලක් මතු වෙනව, එදාට තමයි බුදුදහම ඉවර වෙන්නෙ කියල.
ඒ වගේම බුදුදහම නැසෙන්නෙ බාහිර බලවේග නිසා නෙවෙයි ඇතුලෙන්ම හට ගන්නා ප්‍රශ්න නිසා කියල කියනව.
මේ කතාව 100% ක්ම හරිගියා.
දෙවැනි සංගායනාවෙ ඉදගෙනම බුද්ධාගම වෙනස් කරන්න ගත්තා. තුන්වන සංගායනාවෙදි සූත්‍ර පිටකයෙ තිබුන අන්තරාභවය පෙනි පෙනිම ප්‍රතික්ෂේප කෙරෙනව.
ක්‍රිව 72 දි කරපු 4 වන සංගායනාවෙන් සමස්ථ බුදුදහම ප්‍රතික්ෂේප කරල මහායානය ආදේශ කෙරෙනව.
ඔය විදියට තමයි ඉන්දියාවෙ බුද්ධාගම අතුගෑවෙන්නෙ.
කොහොම නමුත් බුද්ධගෝෂ හාමුදුරුවො ගොඩබහිනකම් ලංකාවෙ පිරිසිදු ථෙරවාදය රැකෙනව.
නමුත් බුද්ධගෝෂට පුලුවන් වුනා තමන් ඉන්දියාවෙන් ගෙනාපු නව-සාර්වස්තිවාදය මෙහේ පැල කරල මුල් බුදුදහම මුලින්ම උපුටල දාන්න.
ඒ වගේම සීතාවක රාජසිංහගෙ කාලෙ මුල් සංඝ පරම්පරාව අහෝසි වෙනව.
ත්‍රිපිටක ග්රන්ථ තුල සැගවුන මුල් බදුදහමයි අටුවා වල තිබුණ නව-සාර්වස්තිවාදයයි එකතු කරල අලුත්ම සංයෝගයක් හදනව, රේරුකානෙ හාමුදුරුවො.
හැබැයි මුල් බුදු සමයෙ ප්‍රධාන ඉගැන්වීම් වලට කවුරුවත් අත ගහන්නෙ නෑ.
මුල් බුදු දහම නැවත හදුන්වල දෙන වැඩසටහන් මම 2005 දි පටන් ගන්නව. 2011 දි ඒක දීප ව්‍යාප්ත කරනව. නැවතත් 2019 දි ඒ උත්සාහය අත්හරිනව. ඔන්න 2025 දි නැවත ඒ උත්සාහය අරඹනව.
මේ ගමන මම ඉස්සරහට ගෙන යන්නෙ කියන්න බැරිතරම් දුෂ්කරතා මධ්‍යයෙ.
බලමු මේ පාරවත් මුල් බුදුදහම හදුන්වල දෙන්න පුලුවන්ද කියල.
මේ පාර බැරිවුනොත් වැඩේ අත්ඇරල දාන්න කල්පනා කරන්නෙ.