by Admin
11 Dec, 2025
Articles
නවමහා විදර්ශනා ඤාණ ගැන නිලන්ත හෙට්ටිගේ මහතාගේ මතය
නවමහා විදර්ශනා ඤාණ ගැන නිලන්ත හෙට්ටිගේ මහතාගේ මතය
ථෙරවාදී ක්‍රමයට මාර්ග පල ලැබීම ගැන විමසීමේදී නාම රූප වවත්ථාන ඤාණය සිට ඤාන නවයක් වැඩිය යුතුවේ. ඒ සඳහා ඒ ඒ ඤාණ වලට අනුරූපව අදාළ භාවනා ක්‍රම දීර්ඝ කාලයක් වැඩිය යුතු වේ.
ථෙරවාදී ක්‍රමයට උදයව්‍ය ඤාණය කියන්නේ සොවාන් පලයට බොහෝ දුරස්ථ ප්‍රාථමික විදර්ශනා ඤාණයකි.
නවමහා විදර්ශනා ඤාණ යනුවෙන් ඤාණ විශේෂයක් පිළිබඳව සූත්‍ර පිටකයේ හෝ අභිධර්මයේ සඳහන් නොවේ. විදර්ශනා ඤාණ ආසන්නයෙන් සඳහන් වන දීප සූත්‍රයේ කියැවෙනූ ලබන්නේ බුද්ධත්වය ලබද්දී පහල වන ඤාණයන් පිළිබඳ වේ.
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය අනුව සෝවාන් වීමේදී පහළ වන ඥානය ගැන මෙසේ සඳහන් වේ.
01. බණ ශ්‍රවණය කරද්දී සියල්ල ඇතිව නැතිවන බවට වූ අවබෝධයට එළඹීම.
02. එයින් සොතාපන්න මාර්ග ඤාණය ඉපදිණි.
03. එතුළින් සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව නැසිණි.
04. අනතුරුව සොතාපන්න පලය පහලා විණි.
ඒ අනුව;
01. සොතාපන්න පලය ලැබෙන්නේ උදයව්‍ය ඤාණයෙන් වේ.
02. සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව නසන්නෙ උදයව්‍ය ඤාණය තූළින්
ඤානනවයක කතාව ත්‍රිපිටකයේ නැති නිසා අමතක කළ හැකියි
සුප්රබුද්ධකුට්ටි සූත්‍රයේ බුදුන්වහන්සේ විසින් සුප්පබුද්ධ හට මෙසේ දේශනා කරනු ලැබූ සේක.
“සුප්පබුද්ධ සියල්ල ඇතිව නැතිවන බව දැන අවබෝධ කිරීම තුලින් සක්කාය දිට්ඨි විචික්ච්ඡා ප්රහාණය කර සෝවාන් පලයේ පිහිටියේය.”
නව මහා විදර්ශනාඥාන අතරින් උදයව්‍ය හා භංග නමැති ඥාන දෙක බුද්ධ දේශනාවේ අන්තර්ගත වේ.
එයිනුදු සෝතාපන්න පලය හා පැහැදිලිව සම්බන්ධ වන්නේ උදයව්‍ය ඥානය පමණි.
සූත්‍ර පිටකයේ සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය ඇතුලු සූත්‍ර තුනකද විනය පිටකයේ මහා වග්ග පාලියේද සෝවාන් වීම විස්තර කෙරෙනුයේ උදයව්‍ය ඥානය ලැබීමත් සෝවාන් වීමත් වෙන්නෙ එකට සිදුවන්නක් බවයි.
ත්‍රිපිටක ධර්මය අනුව සෝවාන් ඵලය ලැබෙනුයේ උදයව්‍යය ලද පමණින්ය.
ථෙරවාදීන්ට අනුව සෝවාන් ඵලය ලැබෙනුයේ උදයව්‍යය ඥානය ඇතුලු ඥාන නවයක් අසීරුවෙන් ඉපදවීමෙන් අනතුරුවය. ලාංකීය ථෙරවාදය අනුව සෝවාන් වීමට භාවනා කල යුතුය.එබැවින් ථෙරවාදීන්ගේ සෝවාන් මාර්ගය පෙල දහමට පටහැනිය.
ථෙරවාදී අර්ථකථනය අනුව බැලූ විට මුල් බුදුසමය අනුව ක්‍රියාත්මක වී සෝවාන් ඵලය ලැබූ තැනැත්තා තවදුරටත් පෘතග්ජනයෙකි. නමුත් එසේ සිදු කිරීම බුද්ධ වචනය ඉක්මවා යෑමකි.
ත්‍රිපිටක ධර්මය අනුව සෝවාන් ඵලය:
කළ්‍යාණ මිත්‍ර ඇසුර
සද්ධර්ම ශ්‍රවණය
යෝනිසෝ මනසිකාරය
ධම්මානුධම්ම ප්‍රතිපදාව යන සරල මාර්ගය තුළි. සාක්ෂාත් කර ගත හැකිය.
සද්ධර්මය්යේ දැක්වෙන පරිදි මුලින්ම යම් අයෙකු කළ්‍යාණ මිත්‍රයෙකුගේ කීම මත සද්ධර්මය ශ්‍රවණය කිරීමට යොමු වේ. අනතුරුව ශ්‍රවණය කළ ධර්මය නුවණින් විමසා බලයි. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගනියි.
එපමණක් නොව බුදුන්වහන්සේගේ අවසන් කාලයේ මාර්ගඵලලාභීන්ගේ අඩුවීම මත සෝවාන් ඵලය සමාදන් වීමට හැකි ක්‍රමයක් දේශනා කරන ලදී.
.