by Admin
23 Dec, 2025
Articles
සෝවාන් වීමේ ක්‍රම
සෝවාන් වෙන්න ක්‍රම 27 ක්( සූත්‍ර පිටකය):-සූත්‍ර පිටකයෙහි සෝවාන් වීම සදහා ක්‍රම 30 ක් පමණ විස්තර කෙරෙනවා. මම මේ ක්‍රම ගැන මගේ බණ පොත් 84 හි සවිස්තරව දක්වා තියෙනව. ඒ වගේම මේ ක්‍රම තව
සෝවාන් වෙන්න ක්‍රම 27 ක්( සූත්‍ර පිටකය):-
සූත්‍ර පිටකයෙහි සෝවාන් වීම සදහා ක්‍රම 30 ක් පමණ විස්තර කෙරෙනවා. මම මේ ක්‍රම ගැන මගේ බණ පොත් 84 හි සවිස්තරව දක්වා තියෙනව. ඒ වගේම මේ ක්‍රම තවමත් මට කටපාඩමින් මතකයි. මේ දැනුම යලි ඉදිරිපත් නොකලහොත් මගෙන් පසු යලි වැළලී යාවි. ඊට කලින් මෙයාකාරයෙන් සටහන් කර තැබීම සුදුසුයි. වසර 2500 කට වඩා දිග බෞද්ධ ඉතිහාසය තුල ත්‍රිපිටක ධර්මය මත යැපිලා මාර්ගපල
ධ්‍යාන උපදවන ක්‍රම විස්තර කිරීම ආරම්භ කලේ මම. එතෙක් සිදුවූයේ බුද්ධගෝෂයන්ගේ නව-සාර්වස්තිවාදය මත යැපීම. බුද්ධගෝෂයන් ඉතා සූක්ෂ්ම ලෙස ත්‍රිපිටක ධර්මය පටලවල දාල තියෙනව. ඒ වරද නිවැරදි කරන්නට ඉදිරිපත් වූ හැම කෙනෙකුටම එල්ල වුනේ නින්දා අපහාස විතරයි. අට්ඨකතාවන් මගින් බුදුදහමට කළ හානිය මෙතරම් යැයි කීමට බැරි තරම් විශාලයි.
දැන් අපි බලමු සූත්‍ර පිටකයේ එන සෝවාන් වීම සදහා වන ක්‍රම:-
1. උදයව්‍ය ඥානය ලැබීම
2. භංගානුදර්ශන ඥානය ලැබීම
3. දුක්ඛ සත්‍යය අවබෝධ කිරීම
4. පටිච්චසමුප්පාදය අවබෝධ කිරීම
5. සංයෝජන දෙකක් නැසීම
6. සංයෝජන තුනක් නැසීම
7. සෝවාන් පල අංග හතර සමාදන් වීම
8. මුල් පල අංග තුන අඛණ්ඩව රැකීම
9. මුල් පල අංග තුන සහ දානය
10. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා යන පංච බල ඇති කර ගැනීම
11. සෝවාන් මාර්ගයට බැස අඛණ්ඩව සිටීම
12. සමථය සහ විදර්ශනාව
13. චතුරාර්ය සත්‍ය භාවනාව
14. අනිමිත්ත සමාධිය වැඩීම
15. සතිපට්ඨානය
16. ශුද්ධ විදර්ශනාව
17. ශුෂ්ක විදර්ශනාව
18. මාර්ගාංග හතර අනුයාත ලෙස වැඩීම
19. මාර්ගාංග හතර චක්‍රීය ලෙස වැඩීම
20. උපතින්ම සෝවාන් වීම
21. සක්කාය දිට්ඨිය නැසීම
22. විචිකිච්ජාව නැසීම
23. සද්ධානුසාරී මාවත
24. ධම්මානුසාරී මාවත
25. පංච උපාදානස්කන්ධය විදර්ශනා කිරීම
26. සත්තාවාස විඤාණස්ථිති පිලිබද අවබෝධයක් ලැබීම( දිට්ඨිප්පත්ථ මාර්ගපලලාභියා)
27. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම ( අනාථ පිණ්ඩික සූත්‍ර)
අපි ඉදිරියේදි බලමු විසුද්ධි මාර්ගය ඇතුලු අට්ඨකතා වලින් බුදුදහමට ඇතුලත් කළ බොරු ප්‍රමාණය.