by Admin
14 Dec, 2025
Articles
මිනිත්තු දෙකෙන් සෝවාන් වීමට හැකිද ?
“මිනිත්තු දෙකෙන් සෝවාන් වෙන රහස් ක්‍රමයක්”සෝවාන් වීම පිලිබද ත්‍රිපිටකයෙන් සොයාගත් රහස් රැසක් අද හෙටම එලි කරන්න සූදානමින් ඉන්නෙ.මට තියෙන ප්‍රශ්නෙ මේ සමහර කරුණු 2025 නොවැම්බර් වෙනකන්
“මිනිත්තු දෙකෙන් සෝවාන් වෙන රහස් ක්‍රමයක්”
සෝවාන් වීම පිලිබද ත්‍රිපිටකයෙන් සොයාගත් රහස් රැසක් අද හෙටම එලි කරන්න සූදානමින් ඉන්නෙ.
මට තියෙන ප්‍රශ්නෙ මේ සමහර කරුණු 2025 නොවැම්බර් වෙනකන් කාටවත් නොපෙනීම.
ඒ අලුත් හෙලිදරව් කිරීම් සමග නියම බුදුදහමෙ හැඩහුරුකම වෙනස් බව කාටත් වැටහේවි.
බුදුදහම කාටත් ලේසි වේවි.
මාර්ගපලලාභීන් ගහක් ගහක් ගානෙ බිහි වේවි.
ඒ වෙනසට කැමති අය ඉන්නව නම් අපේ කතාබහට එක් වෙන්න.
අපි මෙතැනදි අලුතින් මොනවත් කියන්නෙ නෑ. තියෙන දේ ඒ ආකාරෙන්ම තමයි පෙන්වල දෙන්නෙ.
අවුරුදු 2500 ක් තිස්සෙ අපෙන් සැගවිල ගිය හැබෑ ත්‍රිපිටක බුදුදහම මම සොයාගෙන අවසන්. ඒ සතුට මම තනියෙන් බුක්ති විදීම අසාධාරණයි. ඒකයි මම සතුට බෙදා ගන්න මේ පණිවිඩය ලියන්නෙ.
මේ සුභාරංචි හරියට අහ ගත්තොත් සිහි බුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට සැනෙකින් මාර්ගපල ලබන්න පුලුවන්.
සෝවාන් වෙන ක්‍රම ( සූත්‍ර පිටකය):-
1. උදයව්‍ය ඥානය ලැබීම
2. භංගානුදර්ශන ඥානය ලැබීම
3. දුක්ඛ සත්‍යය අවබෝධ කිරීම
4. පටිච්චසමුප්පාදය අවබෝධ කිරීම
5. සංයෝජන දෙකක් නැසීම
6. සංයෝජන තුනක් නැසීම
7. සෝවාන් පල අංග හතර සමාදන් වීම
8. මුල් පල අංග තුන අඛණ්ඩව රැකීම
9. මුල් පල අංග තුන සහ දානය
10. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා ඇති කර ගැනීම
11. සෝවාන් මාර්ගයට බැස අඛණ්ඩව සිටීම
12. සමථය සහ විදර්ශනාව
13. චතුරාර්ය සත්‍ය භාවනාව
14. අනිමිත්ත සමාධිය වැඩීම
දැන් බලන්න ඔය කියන ඉගැන්වීම් යුග
තුනකට අයත්. ඒ කියන්නෙ
1. මුලින්ම සෝවාන් වීම පහසු යුගයක්.
2. ඊට පස්සෙ මගපලලාභියො අලුතින් බිහිවීම අඩුවුනා
3. බුදු හාමුදුරුවො සෝවාන් වෙන්න අලුත් ක්‍රම හදුන්වල දුන්නා.
මිගසාලා සූත්‍රයෙ හැටියට මාර්ගපල
විෂය ගැන විවරණය කරන්නට ධර්මය නොදත් අය උත්සාහ නොකල යුතුයි. ඒ වගේම දුතිය ශරකානි සූත්‍රය ඇතුලු සූත්‍ර ගණනාවක් අනුව සෝවාන් වෙන්න හරිම ලේසියි. ත්‍රිපිටකය අනුව අනාගාමී මාර්ගයේ සිට තමයි අමාරු හරිය එන්නෙ.