by Admin
18 Dec, 2025
Articles
බුදු සසුනේ අනාගතය
මේ යන විදියට තව අවුරුදු දහයකින් විස්සකින් නැත්නම් තිහකින් ලංකාවෙ බුදුසසුන අතුගෑවිල යාවි.මම කොහොමද එහෙම කියන්නෙ. ජනාධිපතිවරණයට දින 6ක් කලින් මම කීවා අනුර කුමාර 42%- 46% ක් අරගෙන දි
මේ යන විදියට තව අවුරුදු දහයකින් විස්සකින් නැත්නම් තිහකින් ලංකාවෙ බුදුසසුන අතුගෑවිල යාවි.
මම කොහොමද එහෙම කියන්නෙ. ජනාධිපතිවරණයට දින 6ක් කලින් මම කීවා අනුර කුමාර 42%- 46% ක් අරගෙන දිනනවා. නමුත් එයා වටේ ඉන්න අය නිසා අනුර අසාර්ථක පාලකයෙක් වෙනව කියල. ඒ කතාව 100% ක්ම ඔප්පු වුනා.
ලංකාවෙන් බුදුසසුන අතුරුදන් වන කතාවත් මම කියන්නෙ ගණිතමය පුරෝකථනයක් විදියට. විවිධ රටවල බුදුදහම අතුරුදන් වූ ආකාරය, අන්‍යාගම් වල ඇති ව්‍යාප්තවාදී ලක්ෂණ සහ ගෝලීය ප්රවණතා සැලකිල්ලට ගැනීමෙන් මම මේ දේ කියන්නෙ. ඊට අමතරව භාවනා කරල ලැබෙන පණිවිඩ තුලින් තමයි මම මේව ප්‍රකාශ කරන්නෙ. බලමු මම 2012-2019 දි බුදුදහම සහ ලංකාව ගැන කියපු දේවල්.
1. 2016 දි ලංකාව චීනය යටතට පත් කිරීමේ යටිකූට්ටු වැඩපිලිවෙලක් ඇරඹේ.
2. 2019-20 අතර තනි සිංහල බලයෙන් පාලකයෙකු පත්වේ.
3. තනි සිංහල බලය මත පැමිණි පාලකයා වසර දෙකකින් අසාර්ථක වේ.
4.2024 දී බෞද්ධ පාලනය අවසන් වේ.
5. 2030 සිට බෞද්ධයන්ට එරෙහි සම්බාධක පැනවේ.
වර්ෂ 2012 මාර්තු මාසයේදී විශ්වයේ බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු සමග සති දෙකක් පමණ කඩින් කඩ පැවති රැස්වීමකට සහභාගි වීමට මට හැකිවිය. ඒ රැස්වීම පිලිබදව සාක්ෂි දරනුයේ අපේ නිවසේ පදිංචිකරුවන් හැර රුවන් ගුණරත්න නමැත්තෙකි. අවාසනාවකට මෙන් ගුණරත්න 2024-12-28 දින දිවි නසාගත්තේය. ඊට හේතුව ලෙස මා දකින්නේ වජ්රසත්ව මුණිවරයා සහ ඔහු අතර හටගත් ආරවුල දුරදිග යාමයි. වජ්රසත්වයන්ට අනුව ගුණරත්න අවස්ථාවාදියෙකි. බුදුදහම රැක ගන්නා වැඩපිලිවෙල ගුණරත්න විසින් අවස්ථාවාදී ලෙස විනාශ කර දමනු ඇති බව වජ්‍රසත්වයන්ගේ මතය විය. ඊට හේතුව ලෙස වජ්‍රසත්වයන් දැක්වූයේ ගුණරත්න මාර බලයට යටත් වීමයි.
වජ්‍රසත්වයන් ඇතුලු පිටසක්වල බෞද්ධ නායකයන් මා සහ ගුණරත්න ඉදිරිපිටදී ප්‍රකාශ කල දේ එයාකාරයටම වාර්තාගත කරනු ලැබූ නමුත් ගුණරත්නගේ ඕනෑකමට ඒවායේ සුලු වෙනස්කම් කරන ලදී. උදාහරණයක් ලෙස මා දුටු ආකාරයට සාග ලෝකය වටා සූර්යයාට අමතරව අමුතු
ග්‍රහ වස්තුවක් කැරකේ. ගුණරත්නට අනුව මට වැටහී ගියේ සාගලෝකය main sequence star එකක් සහ white dwarf star එකක් සහිත binary system එකක් හැටියටය. සාග යනු zeta reticuli නම් තාරකා පද්ධතිය බව පෙනෙයි. අපට ආසන්නම සජීවී ලෝකය වන එය ආලෝක වර්ෂ 29 ක් පමණ එපිට පවතී. ටිබෙට් බුදුදහම සාගලෝකවාසී බෞද්ධයන්ගේ ප්‍රදානයකි.